සo-සාර ව්යසනයට ඇරුනු දොරවල් වැසීම උදෙසා…..

✴️ කොරෝනා වයිරසයෙන් ලෝකය වැසීයන මේ මොහොතේ ප්රඤාවන්ත ඔබ අප කල යුත්තේ කුමක්ද?
පටිච්ඡ සමුප්පන්නව විශ්වයම ගලපාගත් රිටිගල මුනිවරයෙකුගෙන් ලෝකයට පණිවිඩයක්
▫️️අපි මේ ලෝකය තුල හමුවන ප්රිය මදුර ලස්සන දේ සමග ඇලෙනවා. අප්රිය අමදුර කැත දේ සමග ගැටෙනවා. ▫️️මේ විදියට ඇලෙනකොට ගැටෙනකොට අපේ හිත කිලිටි වෙමින් අකුසල කර්ම පොදියක් අනාගතයේ විපාක දීම සඳහා එක් රැස් වෙනවා. ▫️️මෙහෙම හදාගත්තු සංඛාර පොදිය හරියට අටුවක තියෙන වී ටිකක් වගේ. අටුවේ තියෙනකම් ගොයම් ගහක හැඩතල ඒ වී ඇටයේ නොතිබුනත් පසට එකතු වෙලා වතුර ටිකක් වැටුනම ඒ වී ඇටයෙන්ම ගොයම් ගහක් මතු වෙලා එනව. ▫️️අන්න ඒ වගේ අනාදිමත් සසරේ අපි ඇහැ කන ඇසුරු කරගෙන හදපු සංඛාර පොදි අනන්තවත් ගබඩා වෙලා තියෙනව. ඔය අතරේ සත්තුන්ට බිලී කොක්ක දාල, මලපුඬු හිර කරල අනන්ත අප්රමාණ වද දීල සත්තුන්ගෙ මස් ටික භුක්ති විඳින්න කෑදර කමට කරගත්තු අනන්ත අකුසල් තියෙනවා. ▫️️අන්න අර වී ඇටේ පොලවට වැටුනම ගොයම් ගහක් මතු වෙලා එනව වගේ, අපි මේ මොහොතේ ඇහැ කන ඇසුරු කරගෙන ගන්න වැරදි අරමුණු අර පෙර භවයේ හදාගත්තු සංඛාර පොදිය විපාක දීම සඳහා මතු කරල ගන්න පුලුවන් බලය යොදනවා. ▫️️දියෙන් ගොඩ දාපු මාලුවෙක් හුස්ම ගන්න දඟලල, තමන්ගේ නෑ හිත මිතුරෙකුට වත් බලන්න බැරි විදියට අවාසනාවන්ත ලෙස මැරෙන්නේ යම් සේද, මේ කොරෝනා කියන අනන්ත දුක්ඛිත ස්වභාවයෙන් මැරෙන්න සිද්ද වෙනවා. ▫️️ප්රඤාවන්ත ඔබ මේ මොහොතේ කල යුත්තේ කොරෝනා පිලිබඳ අවධානය බිඳ ගන්න එක නෙමෙයි. හැබැයි තරම ඉක්මවා හූල්ලනව වෙනුවට, වෛර හිත් උපද්දනව වෙනුවට ධර්මය සිහිපත් කරන්න, අනිච්චතාවය දකින්න, පිරිත් ටිකක් කියන්න, ගුණ ධර්ම වල හැසිරෙන්න. ▫️️අන්න ඒ විදියට සසරේ තියෙන හේතු ටිකට දොර ඇරගන්න එක නවත්වන්න. ඉන්ද්රිය සංවරය තුලින් කර්ම බීජ විපාක දීම සඳහා සකස් වෙන එක වලක්වාගන්න. ————————————————————————————————————————— කාලාවතරණ “ආලෝකය සොයා යන්නන් උදෙසා”
#kaalaawatharana #ritigala #covid19

