අප ගැන

මේ ලක් පොළව මත උපන් අප ලැබූ භාග්‍යයන් අතුරින් උත්තරීතරම භාග්‍යය තථාගත ශ්‍රී සද්ධර්මයයි. අතීතයේ රහතන් වහන්සේලාගෙන් වැසීගිය පුණ්‍ය භූමියක් වූ මේ බුද්ධ භූමිය නැවතත් නගා සිටුවීමට දැන් කාලය එළඹී ඇත. එවන් උත්තමයන්ගෙන් මේ පුණ්‍ය භූමිය හිස් වීමට හේතුව ඒ නිර්මල තථාගත දේශනය කාලයත් සමග වැසී යාමයි. එසේ නම්, කාලය අවතරණය කරමින් වැසී ගොස් ඇති ඒ පරම පිවිතුරු අති ගාම්භීර ධර්මය නැවතත් විවෘත කොට මේ දේශය මග ඵල ලාභීන්ගේ තෝතැන්නක් බවට නැවත පත් කර ගැනීමට දරන වෑයම කාලාවතරණලෙස මෙසේ ඔබ හමුවට ගෙන එන්නෙමු.

Kaalaawatharana — “For those in search of light.”The greatest wealth of those of us born on this sacred land is the supreme bliss of Sri Saddharma, the noble doctrine of the Buddha. Kaalaawatharana is the attempt to make this land abound once again with noble aryas who have entered the path to supreme Nibbāna, by reopening the hidden treasure of the profound doctrine of the Buddha.