
සසර ඕඝයේ තරණය....
මඩින් මිදී පිපුන මහනෙලක
විහිදෙන සුවඳ ද
දියේ රැඳි මුත් දියද නොරඳන
ඒ මහනෙල් පතක මටසිලුටුබව ද
නොඇලෙන නොතැවරෙන තැනෙක ඇති පිරිසිදු බව සිහි කරයි.
දියමත ඇවිදින පුන්චි පක්ෂියා
නොඇලෙන නොතැවරෙන දේ ද අතරින්
ගිලෙන්නේද නැතිව
පිහිටන්නේ ද නැතිව
සීරුවට ගමන යන හැටි..
තමාට ද නොහැකි වූ
සසර ඕඝයේ තරණය….
අපට සිහිකරයි.




