සූත්‍ර දේශනා

සච්ච විභංග සූත්‍රය

චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං.

බුදුහාමුදුරුවො ඉසිපතන මිගදායේ පලවෙනි දහම් දේශනය සිදු කලා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධර්ම චක්‍රය මුදා හැරියා. ඒ දම්සක ඔබත් මමත් පන පොවා ආරක්ෂා කරන තෙක් මේ මහ පොළවේ චිරාත් කාලයක් බබලාවි.

ඔය සූත්‍රය දේශනා කරල ටික කාලෙකින් බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරල ධම්මචක්කප්පවත්තන සූත්‍රයත් මතක් කරල දීල, සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නල කිවුවා මහණෙනි මේ සාරිපුත්ත කියන්නේ මහා උත්තමයෙක්. හැකිතාක් ඇසුරු කරන්න, උන්වහන්සේගෙන් ඉගෙන ගන්න කියල. එහෙම කියල බුදුහාමුදුරුවො එතනින් වැඩියා.

ඊට පස්සේ එතන හිටපු හාමුදුරුවරු සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඉල්ලා සිටිනව, ස්වාමීනී අපගේ බුදුපියාණන් වහන්සේ දේශනා කල ඒ ධර්ම චක්‍රය අපට නැවතත් මතක් කර දෙන සේක්වා කියල. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මාසනයේ වැඩහිඳලා කරපු දේශනාව තමයි සච්ච විභංග සූත්‍රය. ————————————————————————————————————————— කාලාවතරණ “ආලෝකය සොයා යන්නන් උදෙසා”

මේ ලක් පොළව මත උපන් අප ලැබූ භාග්‍යයන් අතුරින් උත්තරීතරම භාග්‍යය තථාගත ශී‍්‍ර සද්ධර්මයයි. අතීතයේ රහතන් වහන්සේලාගෙන් වැසීගීය පුණ්‍ය භූමියක් වූ මේ බුද්ධ භූමිය නැවතත් නගා සිටුවීමට දැන් කාලය එලඹී ඇත. එවන් උත්තමයන්ගෙන් මේ පුණ්‍ය භූමිය හිස් වීමට හේතුව ඒ නිර්මල තථාගත දේශනය කාලයත් සමග වැසී යාමයි.එසේ නම්, කාලය අවතරණය කරමින් වැසී ගොස් ඇති ඒ පරම පිවිතුරු අති ඝාම්භීර ධර්මය නැවතත් විවෘත කොට මේ දේශය මග ඵල ලාභීන්ගේ තෝතැන්නක් බවට නැවත පත් කර ගෑනීමට දරන වෑයම කාලාවතරණ ලෙස මෙසේ ඔබ හමුවට ගෙන එන්නෙමු…

Kaalaawatharna “For those in search of light”

The greatest wealth of those of us born on this sacred land is the supreme bliss of Sri Saddharma, the noble doctrine of the Buddha. The time has come to resurrect this Buddha Bhuumi, the land of the Buddha, which was abundant with thousands of Arahants in its pristine past. The reason for the absence of such noble personages today is the concealment of the immaculate doctrine of the Buddha over time. Kaalaawatharana is the attempt to make this land abound once again with noble aryas who have entered the path to supreme Nibbana by reopening the hidden treasure of the profound doctrine of the Buddha. #kaalawatharana #meditation #buddhism

Web – https://kaalaawatharana.com Facebook – https://www.facebook.com/kaalaawatharana Facebook – https://www.facebook.com/meheniarana