අනුත්තරීය ධර්ම

සම්බුද්ධ සාසනයක් පවතින කාලයක උප්පත්තියක් ලැබීමද මොනතරම් භාග්යක්ද?
එවැනි කාලයක මේ ඝෝර සසරින් එතෙරවීමට උපනිශ්රය විය හැකි කුසල් සම්පාදනයට මොනතරම් අවස්ථා තියෙනවද? ශ්රද්ධාවෙන් කරන බොහෝමයක් පුංචි පුංචි දේවල් අපි නොදැනුවත්වම අපේ ආච්චිල සීයලගෙන් ගෙන ආ පුරුදු සේ පෙනුනත්, හැම දෙයකටම හේතුවක් ඇතුවනේ කරල තියෙන්නෙ. ඒ දේවල් නේද අද ගිලිහෙමින් යන්නෙ?
පුංචි පුංචි දේවල් කරන විට, පන්සලක් අමදිනව වෙන්න පුලුවන්, ආරාමයක මූලික අවශ්යතාවක් ඉටුකරනව වෙන්න පුලුවන්, දනට, බණට වඩින හාමුදුරුවන්ගෙ පය දෝවනය කරනව වෙන්න පුලුවන් ඒ හැම මොහොතක් ම අපට තදින් අල්ල ගත්ත යමක් අත් හරිමින්, බුද්ධ සාසනය ගැන චිත්ත ප්රසාදයක් ඇතිකරගන්න අවස්ථාව ලැබෙනව.
ඒ ඇතිවන චිත්ත ප්රසාදයම නේද පාරමිතාවක් සේ බලවත් වෙන්නෙ. අවසානයේ මේ දහම් පදයක් ගලප ගන්න අවැසි මෝරපු සිතක් ඇතිව උපදින්නට පවා.
දර්ශන, සෝත, ලාභ, පරිචාරී, අනුශෘත ආදී කොට වූ මේ අනුත්තර දහම් ගලපාගෙන වටහා ගෙන ප්රගුන කරමින්,
අනුත්තර වූ පින් කෙතක් සාදා සරු බීජ වපුරා සරු අස්වනු, ඵල නෙලා ගැනීමට,
මොහොතක් මොහොතක් පාසා අනුත්තර දහම් වඩමින්
අලෝභය ප්රගුන කරමින් ද්වේශ අද්වේශ ට පෙරලමින් රාග විරාග කරමින් රෝධ නිරෝධ කරමින්
අනුශෘත දහම් ප්රගුන කරමින්
නිවී සැනසෙන්නට මේ දේශනාව උපනිශ්රයක්ම වේවා. ———————————————————————————— මේ ලක් පොළව මත උපන් අප ලැබූ භාග්යයන් අතුරින් උත්තරීතරම භාග්යය තථාගත ශී්ර සද්ධර්මයයි. අතීතයේ රහතන් වහන්සේලාගෙන් වැසීගීය පුණ්ය භූමියක් වූ මේ බුද්ධ භූමිය නැවතත් නගා සිටුවීමට දැන් කාලය එලඹී ඇත. එවන් උත්තමයන්ගෙන් මේ පුණ්ය භූමිය හිස් වීමට හේතුව ඒ නිර්මල තථාගත දේශනය කාලයත් සමග වැසී යාමයි.එසේ නම්, කාලය අවතරණය කරමින් වැසී ගොස් ඇති ඒ පරම පිවිතුරු අති ඝාම්භීර ධර්මය නැවතත් විවෘත කොට මේ දේශය මග ඵල ලාභීන්ගේ තෝතැන්නක් බවට නැවත පත් කර ගෑනීමට දරන වෑයම කාලාවතරණ ලෙස මෙසේ ඔබ හමුවට ගෙන එන්නෙමු. —————————————————————————————————————————————- Kaalaawatharna “For those in search of light”
The greatest wealth of those of us born on this sacred land is the supreme bliss of Sri Saddharma, the noble doctrine of the Buddha. The time has come to resurrect this Buddha Bhuumi, the land of the Buddha, which was abundant with thousands of Arahants in its pristine past. The reason for the absence of such noble personages today is the concealment of the immaculate doctrine of the Buddha over time. Kaalaawatharana is the attempt to make this land abound once again with noble aryas who have entered the path to supreme Nibbana by reopening the hidden treasure of the profound doctrine of the Buddha.
#kaalaawatharana #meditation #buddhism
Web – https://kaalaawatharana.com Facebook – https://www.facebook.com/kaalaawatharana Facebook – https://www.facebook.com/meheniarana

